දිනෙක මෙමා හිටි හැටියෙම වගේ මළා
පිස්සු හැදී අඬලා යලි සිනහ වෙලා
හදවත ගෙන බැලුවා මම ඇතුල පලා
දුටුවා ඔබේ නම ලියවී තිබෙනු ..xxxx.


ලොකු ගස් වලට දමන දිරපු කෙකී
හිසට වැටෙන ටොකු අනින ඔටුන්නකී
සුරලොව මැදින් යම ලොව ගිණි දැකිය හැකී
ආලය මිනී වල කපන උදැල්ලකී

පඬිවරු කිව්වත් ඒ රුවන් වැකී
ආලය ඇති විටදි ලෝකය මල් විලකී
මුවහත් උදල්ලක් වේ නම් ලොවම දනී
මිනී වල උනත් කපෙන විට සැපකී




ඇගේ නාමෙන් ලියූ පදවැල් සිසිල ගෙන එන රන් කවී
සුරත ගත් නිල් පෑන් තුඩ අග දැවී යනවා අළු වෙවී
මුවින් නික්මුණු වදන් තාමත් අහෙනව යලි මැවි මැවී
කිසිත් ඵල නෑ ජීවිතය තුල මැරි මැරී ජීවත් වෙවී




නොදුටු ලෙස හැමදම යාවී මගේ රුව ලඟ පෙනි පෙනී
හිත හදගෙන අහවරයි මම නොමැත කිසිදා දුක දැනී
නොකා ජීවත් වෙන්න පුළුවනි විසක් මුසුකල රස පැණී
මගෙන් ඈතට යාවි නම්, කිසි දුකක් නොදැනෙන අන්ඟනී






විඩාබර ඔය නෙතු
පවසන්නේ කෙලෙසකද?....
වසන්තය පැන ගොසින්
නුඹ ළඟින් දුර ඈත....!

පිපෙන්නට වෙර දරමි
ගිම්හාන කාලයට
අණදියන් මෙමා හට
මිහිමතෙහි රැදෙන්නට...!

උකුසු ඇස් බිම හෙලා
සෙනෙහෙබර දෑසින්ම
හදවතට තුරුලු වී
උනුසුමේ රැඳෙන්නට
මාසිතට වෙරදියන්
වසන්තය ලබන්නට
වසන්තයේ පිබිදෙමින්
නුඹ ළඟින් රැඳෙන්නට....!!!





අපිට අපේ ජීවිතයෙදී යාලුවො ගොඩක් මුනගැහෙනවා.

කාලයක් අපිත් එක්ක ඉඳලා දන්නෙම නැතිව වෙන්වෙනවා
එහෙම වුනත් ..!!! අනේ..!!
මේ යාලුවො set 1
නම් මට නැතිවෙන්න එපා කියලා
මම ප්‍රර්ථනා කරනවා...!
අපි set 1ට හැමදමත් 1ට
හැරමිටියෙන් යන්න ලැබේවා.....!